දැනුම with සාරධ
Thursday, July 7, 2016
ලොවකට සැගවු අබිරහස් කලාපය
Tuesday, July 5, 2016
කෘෂිකර්ම
අනාදිමත් කාලයක සිට මානව ජනාවාස බිහිවීමත් සමග ආරම්භ වුණු කෘෂිකර්මය වර්තමානය වන විට බොහෝ වෙනස්වීම්වලට භාජන වෙමින් වර්ධනය වීමක් දක්නට ලැබේ.
ඒ අනුව එදා ඈත අතීතයේ දී ගංගා ආශ්‍රිතව බිහිවුණු කෘෂිකර්මය අද වන විට සමස්තයක් වශයෙන් ගත් කල ප්‍රධාන කොටස් 02 ක් යටතේ වර්ග කළ හැක.
එනම්
01. වතු වැවිලි කෘෂිකර්මය හා
02. දේශීය කෘෂිකර්මාන්තය වශයෙනි.
ඒ අනුව එදා ඈත අතීතයේ දී ගංගා ආශ්‍රිතව බිහිවුණු කෘෂිකර්මය අද වන විට සමස්තයක් වශයෙන් ගත් කල ප්‍රධාන කොටස් 02 ක් යටතේ වර්ග කළ හැක.
එනම්
01. වතු වැවිලි කෘෂිකර්මය හා
02. දේශීය කෘෂිකර්මාන්තය වශයෙනි.
ප්‍රධාන වශයෙන් වතු වැවිලි කෘෂිකර්මාන්තය මෙරට බ්‍රිතාන්‍යයට යටත් විජිත සමය එළැඹීමත් සමගම හඳුන්වා දුන් බෝග වගාවකි. එහිලා ප්‍රධාන වශයෙන් තේ, පොල්, රබර් ඇතුළු සුළු අපනයන බෝග අන්තර්ගත වේ.
දීර්ඝකාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරමාර්ථය ඇතිව බිහි විය. මෙහිලා ප්‍රධාන වශයෙන් වී වගාව ඇතුළු සෙසු අතුරු බෝග අන්තර්ගත වේ.
කිසියම් ජාතියකට අවශ්‍ය ආහාර එම ජාතිය විසින්ම නිපදවා ගන්නේ නම් ඕනෑම දුර්භික්ෂයකට හෝ ආපදාවකට මුහුණදීමේ ශක්තිය එම ජාතිය සතු වෙයි. බැමිණිටියාසාය ඇතිවන අවස්ථාවේ දී මහා විහාරයේ පමණක් භික්ෂූන් වහන්සේ 12,000 කට ප්‍රමාණවත් සහල් ගබඩා කොට තිබූ බව ඓතිහාසික මූලාශ්‍රය පෙන්වා දෙයි.
මේ ආකාරයට දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය කිරීම කෘෂිකර්මය වශයෙන් හැඳින්විය හැක...
(පුවත්පත් දැන්වීමකින් උපුටා ගත්තකි.)
Subscribe to:
Comments (Atom)




